රතු රසදිය ඇතැයි පවසා සිලින්ඩරයක් ලක්ෂ 200කට විකුණන්න ගිහින් මාට්ටු
රුපියල් කෝටි 900 ක් පමණ වටිනා බව පවසමින් රුපියල් ලක්ෂ 200 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ රතු රසදිය අඩංගු බවට සදහන් සිලින්ඩරයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
එල්ට්ටීඊ සංවිධානය විසින් භාවිතාකල සබ්මැරීන් වල තාක්ෂණය සදහා යොදාගත් රතු රසදිය අඩංගු සිලින්ඩරයක් ඇති බවත් , එය මිළදී ගෙන පසුව ඉන්දියානු ධන කුවේරයෙකුට විශාල මුදලකට අලෙවි කිරීමට හැකි බවත් පානදුර ව්‍යාපාරිකයකුට දන්වා රැගෙන ආ සිලින්ඩරය අලෙවි කිරීමට සූදානම් වීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරුවන් අත්අඩංගුවට ගෙන අඩි දෙකහමාරක් පමණ උසැති රතු රසදිය අඩංගු බව කියන සිලින්ඩරය සමග ඔවුන් පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ .
පොලිස් භාරයට ගත් සිලින්ඩරයේ රතු රසදිය බවට සදහන් ද්‍රාවනය පරීක්ෂා කිරීමේදී තිරුවානා, ග්රැනයිඩ් කළුගල් සහ වෙනත් පාෂාණයන් අඩංගු මිශ්‍ර ද්‍රව්‍යයක් තිබූ බවද සදහන් වේ.
එම සිලින්ඩරය රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්ථාවක් ලබාගැනීමට නියමිත බවද වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.