පොලී අනුපාත ගැන මහ බැංකුව ගත් තීරණය
ශ්රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.
මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ (28) රැස්වීමෙන් අනතුරව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව, ශ්රී ලංකා මහ බැංකුවේ එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.
එමෙන්ම ආර්ථික වර්ධනයට සහය වීම පිණිස උද්දමනය සියයට 5ක මට්ටක ස්ථාවරව පවත්වාගෙන යාමට ද මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.