තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයෙක් මරුට – කාන්තාවකට තුවාල
මාදම්පේ පොලිස් වසමේ පැරණි නගරය ප්‍රදේශයේ පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 60ක් පමණ වන මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.
පැරණි නගරය ප්‍රදේශයේ නිවසක පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බවට මාදම්පේ පොලිස් ස්ථානයට ලැබුණු පණිවුඩයක් අනුව සොදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
එහිදි අදාළ ස්ථානය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට තුවාලකරුවන් හමුවී ඇති අතර හලාවත රෝහලට ඔවුන් ඇතුලත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
තුවාලකාරියගේ ස්වාමි පුරුෂයා මෙම ඝාතනය සිදුකර ඇති බවත් පෞද්ගලික ආරවුලක් ඊට හේතු වී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
ඒ අනුව අදාළ සැකකරු ඊයේ රාත්‍රියේ දී පට්ටියගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.