යතුරුපැදි ආනයනය ගැන ගෙන ඇති තීරණය

යතුරුපැදි ආනයනය ගැන ගෙන ඇති තීරණය

යතුරුපැදි ආනයනයට මෙතෙක් අවසර දී නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

වාහන ආනයන වර්ගීකරණයට යතුරුපැදි අයත්දැයි කැබිනට් තීන්දු දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දැනට අනුමත කර ඇති වාහන ගෙන්වන සංඛ්‍යාව හා ඩොලර් සංචිත ගැන දැඩි සුපරීක්ෂාවකින් පසුව ඒ ගැන ඉදිරි තීන්දු ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.