පළාත් පාලන මැතිවරණය අප්‍රේල්?
පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට අප්‍රේල් මාසයේ පැවැත්වීමට හැකියාව පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඊට අදාල නඩු තීන්දුව මේ වන විට ලැබී ඇති අතර එය කතානායකවරයා විසින් ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.