පුරාවස්තු කීපයක් විකුණන්න ගෙනයද්දී අල්ලයි

පුරාවස්තු කීපයක් විකුණන්න ගෙනයද්දී අල්ලයි

නිධානයකින් ලබා ගත් පුරාවස්තු බව පවසන රන්පැහැති බුද්ධ ප්‍රතිමාවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අලෙවිය සඳහා සූදානමින් රැගෙන යමින් සිටි සැකකරුවකු එම භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගැනීමට ගිරානේගම පොලිසිය සමත්ව තිබේ.

ගිරානේගම පොලිස් ස්ථානාධීපතිවරයාට ලද තොරතුරක් මත ගිරානේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ ක්ෂණීක මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

සුවඳ කවා සැකසූ විශේෂිත ඇසුරමක බහා සැකකරු මෙම බුද්ධ ප්‍රතිමාව ඇතුළු දෑ ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය කියයි.

සැකකරු සතුව තිබී සොයා ගන්නා ලද භාණ්ඩ අතර නිධානයකින් ලබා ගත් බව කියන රන් පැහැති බුදු පිළිමයක්, පෙති 24කින් යුත් රන් පැහැති නෙළුම් මලක් සහ රන්පැහැති බෝ පත්‍රයක් ද වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු ආඬියාගල, හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

ගිරානේගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක එන්.බී.ඒ.එස්.බී.නිශ්ශංක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රෙස්න මහතා ප්‍රමුඛ පොලිස් සැරයන්වරුන් වන 3252-බංඩාර, 14355-සංජීව හා පොලිස් කොස්තාපල් 73390-රත්නසේකර ඇතුලු නිලධාරීන් පිරිසක් අදාළ මෙහෙයුම සිදුකර සැකකරු හා නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබිණ.