ජනපතිගෙන් මැති ඇමතිවරුන්ට උපදෙසක්
දුරකතන ඇමතුම් වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත.
ජනතාවගේ දුරකතන ඇමතුම් වලට සවන් දී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද මේ දැනුම් දීම කර ඇති බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් ජනතාවගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන බවට විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ එම චෝදනා සැලකිල්ලට ගෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.