13 හැවිරිදි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

13 හැවිරිදි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

වාරියපොළ පොලිස් වසමේ හිඳගොල්ල ග්‍රාමයේ පිහිටි අනාරක්ෂිත ගල්වලක දිය නෑමට ගොස් සිටි දරුවන් දෙදෙනෙකු දියේ ගිලී තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් දරුවන් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර එක් දරුවෙක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි පොලිසිය පවසන්නේ.

අනෙක් දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මියගිය දරුවා වයස අවුරුදු 13ක් වන බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.

වයස අවුරුදු 16ක් වන අනෙක් දරුවාත් එම ප්‍රදේශයේම පදිංචි පිරිමි දරුවෙකි.

මෘතදේහය වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය විමර්ශන සිදුකරයි.