මිලියන 31ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් කොළඹ වරායේ ගබඩාවකින් අල්ලයි
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදු කරන ලද විශේෂ පරීක්ෂාවක දී රුපියල් මිලියන 31.5ක වටිනාකමකින් යුත් නීති විරෝධීව මෙරටට ගෙන් වූ දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකායට අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැල්සියම් හයිඩ්රොක්සයිඩ් ගබඩා කර ඇති බැරල් 20 ක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා මෙම විදෙස් දුම්වැටි තොගය මෙරටට ගෙන්වා ඇති බවයි, ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.
ප්ලාස්ටික් බැරල් 20ක් තුළ සඟවා තිබූ දුම්වැටි 420,000ක් මෙලෙස සොයාගෙන ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කළුතර ප්‍රදේශයේ සමාගමකට මෙම බැරල් ආනයනය කර ඇති බවයි, අනාවරණය වී ඇත්තේ.