පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර මිල වැඩි කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අයකළ රුපියල් 450ක මුදල රුපියල් 2000ක් දක්වා රුපියල් 1,550කින් ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී තීරණය කළ බව එහි සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව, ලබන සතියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බවයි, නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අනුව, මෙතෙක් උදෑසන ආහාරය සඳහා අයකළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 600ය දක්වා ද රුපියල් 300ක් ව පැවති දිවා ආහාරය සඳහා ගාස්තුව රුපියල් 1,200 දක්වා ද ඉහළ දමා ඇති අතර තේ පැන් සඳහා රුපියල් 50ක් ව අය කළ ගාස්තුව ඉහළ දමා ඇත්තේ, රුපියල් 200 දක්වායි.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය නොකළ බවයි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ.