හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඊයේ (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

2014 වසරේ අග භාගයේදී බිංගීරිය සහ නාරම්මල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීම මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීති ගත අවස්ථාවෙන් රුපියල් 61, 46110 ක මුදලක් ලබාගෙන එම කටයුතු සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගවට ගත් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

එම මුදල් සාවද්‍ය පරිහරණය මෙන්ම පොදු දේපළ යටතේ සිදුකළ වැරදි බවට කරුණු අනාවරණය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සහ සැකකාරිය හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.