කොටස් වෙළෙඳපොළෙන් අදත් වාර්තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 16,828.80 ක් බවට පත්වූ බව එම වෙළෙඳපොල පවසයි.
මෙම සියලු කොටස් මිල දර්ශක අගය කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තාකළ ඉහළම අගය යැයි එම වෙළෙඳපොල ප්රධාන නිලධාරියෙක් සඳහන් කළේය.
සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.66 ක් ලෙස අද දිනයේ ගණුදෙනු අවසන් වන විට සටහන් වූ බව ද එම නිලධාරියා කීය.