මරදාන පොලිස් සිර මැදිරිය තුළ කාන්තාවක් ගෙල වැලලාගෙන මරුට

මරදාන පොලිස් සිර මැදිරිය තුළ කාන්තාවක් ගෙල වැලලාගෙන මරුට

විවෘත වරෙන්තුවකට අත්අඩංගුවට ගත් කාන්තාවක් මරදාන පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළදී ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වූ මෙම කාන්තාව මරදාන පොලීසිය විසින් ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

සිර මැදිරියේ සිටි ඇය අද අලුයම මෙලෙස ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.