දරුවා පාසලට රැගෙන ගිය මවක් පාසල් භූමියේදී වන අලි ප්‍රහාරයකින් මරුට
අද ( 22 ) උදෑසන අරලගංවිල කැකුළුවෙල මහා විද්‍යාලයට සිය දරුවා සමග පැමිණි මවක් පාසල් භූමිය සුද්ද කරමින් සිටිය දී වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ.
අද උදෑස 7.15ට පමණ මව පාසල් භූමිය තුළ දී මෙම වන අලි ප්‍රහාරයට ලක්වන විට පාසලේ දරු දැරියන් ද පාසල වෙත පැමිණ සිට ඇත.
වන අලි ප්‍රහාරයෙන් මෙම මව බරපතළ තුවාල ලබා අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කැකුළුවල අංක 189 ලිපිනයේ පදිංචිව සිටි නිලූකා රණවීර නැමැති 42 හැවිරිදි සිව්දරු මවකි.
ඇය උදෑසන පාසලට ගොස් මිදුල අතුගාමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති බව ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන අරලගංවිල පොලිසිය පවසයි.
අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.