රිදියගම අලුත උපන් සිංහ පැටවුන්ට නම් තබන්න අවස්ථාවක්
අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලබා සිටින සිංහ පැටවු හය දෙනා සඳහා නම් තැබීමට මහජනතාවට අවස්ථාව හිමිවී තිබේ.
රිදියගම සෆාරි උද්‍යානයේ සිටින ලාරා සිංහ මවට හා ඩෝරා සිංහ දුවට උපන් සිංහ පැටවු හය දෙනාට මේ වන විට මාස තුනක් පමණ ගත වි ඇති අතර ඉදිරි මාසයේ මහජන ප්‍රදර්ශනයට යොමුකරන බැවින් නම් තැබිමට මහජනතාවටද අවස්ථාවක් සලසා ඇති බවයි අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අධ්යක්ෂ වරයා මහජනාවට දැනුම් දෙන්නේ.
ඩෝරා සිංහ මවට ගැහැණු පැටවු තිදෙනෙක් හා ලාරා සිංහ මවට ගැහැණු පැටවු දෙදෙනෙක් හා පිරිමි එක් පැටවෙක් උපත ලබා ඇත. පිරිමි එක් පැටවෙකුට හා ගැහැණු පැටවු පස් දෙනෙකුට නම් තැබිමට නියමිතව ඇත.
ඒ අනුව තැපැල් පතක සිංහ පැටවු සඳහා යෝජනා කරන නම පැහැදිලිව සටහන් කර දුරකතන අංකය සහිතව අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයට යොමු කරන ලෙසට අධ්යක්ෂ වරයා ඉල්ලා සිටී.