සමන් දේවාලයේ ඇත් දළ යුගළ දෙකක් අතුරුදන්

සමන් දේවාලයේ ඇත් දළ යුගළ දෙකක් අතුරුදන්

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලය සතු භාණ්ඩ වට්ටෝරු පොතේ ඇත් දළ යුගළ දෙකක ඌනතාවයක් ඇති බවට බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් පැමිණිල්ලක් යොමු කර ඇතයි රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශය පවසයි

මේ සම්බන්ධව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පි.රත්නායක මහතා සඳහන් කළේ සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයාගේ ධුර කාලය පසුගිය දෙසැම්බර් 31 වන දිනයන් පසුව අවසන් වු බැවින් තාවකාලික බස්නායක නිළමේවරයෙකු ලෙස එස්.වි.චන්ද්‍රසිංහ මහතා නිත්‍යානුකුලව පත් කිරිමෙන් පසුව මහ සමන් දේවාලය සතු භාන්ඩ වට්ටෝරු පිළිබඳව පරික්ෂාවක් සිදු කල ඇති බවත් එමභාන්ඩ වල ඇත් දල යුගල දෙකක ඌණ තාවයක් ඇති බැවින් මේ සම්බන්ධව කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශය වෙත පැමිණිල්ලක් යොමු කල බවයි.

මේ භාන්ඩ සම්බන්ධව හිටපු බස්නායක නිළමේ වරයාට කිප වතාවක්ම භාන්ඩ භාර දිමට දැනුවත් කල අතර එයට ප්‍රතිචාරයක් නොදැක්විම හේතුවෙන් ඇත් දළ ජෝඩු දෙකක ඌණ තාවයක් ඇති බවට පැමිණිල්ලක් යොමු කලබව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.රත්නායක මහතා පැවසිය.

සබරගමුව නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න මහතාගේ උපදෙස් මත රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.ප්‍රදිප් විජේසේකර මහතා ඇතුළු නිළධාරින් විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරික්ෂණ පැවත්වේ