රජයේ සැලැස්මට කටයුතු නොකරන වී මෝල් හමුදා භාරයට – ජනපති

රජයේ සැලැස්මට කටයුතු නොකරන වී මෝල් හමුදා භාරයට – ජනපති

රජයේ සැලැස්මට අනුව ක්‍රියා නොකරන වී මෝල් හමුදා භාරයට ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සහතික මිලට අලෙවි කිරීම සඳහා සහල් වෙළෙඳපලට නිකුත් කිරීම මේ මහ කන්නයේ සිට අනිවාර්ය බවත්, වී සම්බන්ධව නැවත නැවතත් කූඨ ව්‍යාපාර කරන්නට පැමිණෙන සියලුම සහල් මෝල් හිමියන්ගේ මෝල් හමුදා භාරයට ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.

එබැවින් තොග රැස් කරනන්ට ඔහු අවධාරණය කළේ සහල් සහතික මිලට වෙළෙඳපලට නිකුත් කිරීමට හැකි මිලකට වී මිලදී ගැනීම සිදුකරන ලෙසය.

එමෙන්ම සහල් තොග රැස් කරන්නන් වී අලෙවි මණ්ඩලයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචිවී අනිවාර්යය බව කී ජනාධිපතිවරයා එසේ නොකරන තොග රැස් කරන්නන්ගේ සහල් තොග රාජ සන්තක කරන බව ද දැනුම් දුන්නේය.

පෞද්ගලික නාලිකාවක පැවති වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අවධාරණය කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය