දවසේ ලග්න පලාපල – 2025 ජනවාරි මස 22 වන බදාදා
මේෂ ක්‍රියාශීලී දිනකි. බාහිර වැඩද අධිකවීමෙන් තරමක් අවිවේකී බව වැඩි කරයි. නමුත් ඉවසීමෙන් දවස ක්‍රියාකළ යුතුය. ගමන් බිමන් ද තරමක් බහුලය. වැය ඉහළයි. සිරස රෝග උෂ්ණ රෝග මතුවේ.
Date: 2025-01-22
ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
වෘෂභ උත්සව සාද වැනි දේවල්වලට හේතුයි. යටපත්වූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. තරමක් සිත් චංචල කරවන ක්‍රියා යෙදේ. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් සෙම් කෝප රෝග මතුකරයි.
Date: 2025-01-22
ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
මිථුන අවිවේකී බවක් මතුකරයි. පොදු වැඩවලදී තරමක් ඉවසීම මැනවි. සතුරු බලපෑම් මතුවෙයි. වාද විවාද වලදී ප්‍රවේශම ද මැනවි. තැන්පත් ධනය වැයවන ක්‍රියා යෙදේ. අමතර ලාබ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.
Date: 2025-01-22
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
කටක ශුභා ශුභ මිශ්රඵල දෙයි. තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවෙයි. අන්සතු දේපළ උරුමයක භේද මතුකරයි. රැකියා ස්ථානවල මතවාද ගෙන දේ. හදිසි ධන ලාභද දෙයි. ආහාර විෂවීමේ රෝග මතුවේ.
Date: 2025-01-22
ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
සිංහ ශුභා ශුභ මිශ්රඵල දෙයි. අලසගති ඉස්මතු කරයි. ලිපි ලේඛනවල යෙදේ. සුපුරුදු ක්‍රියාවන්ගෙන් තරමක් දුරස්ථව ක්‍රියාකරයි. දහමට ළැදිව ක්‍රියාකරයි. සන්ධි ප්‍රදාහ රෝග මතුවෙයි.
Date: 2025-01-22
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
කන්‍යා ශුභා ශුභ මිශ්රඵල දෙයි. ගමන් බිමන් සීමාවෙයි. අලසගති මතුවෙයි. ලිවීම් කියවීම් වැනි දේට මුල්තැන දෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතුවෙයි. මුඛ රෝග, නේත්‍ර රෝග මතුවෙයි.
Date: 2025-01-22
ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
තුලා ශුභා ශුභ මිශ්රඵල මතුවෙයි. කෙටි ගමන්වල යෙදේ. සතුරු බලපෑම් මත සිත් චංචල කරවයි. වැයපස ද ඉහළ යයි. ආර්ථික ප්‍රශ්න මතු කරයි. කලකිරීම් මත දවස ගෙවේ. ආමාශගත රෝග මතුවෙයි.
Date: 2025-01-22
ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
වෘශ්චික ශුභා ශුභ ඵලදෙයි. ගමන් බිමන් සීමාවෙයි. තරමක් වැයපස ඉහළ යන කරුණු කාරණා යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරයි. සිත් චංචල කරවන ක්‍රියා යෙදේ. සෙම් කෝප රෝග මතුවෙයි.
Date: 2025-01-22
ජය අංකය: 02
ශුභ වර්ණය: ළා රතු
ධනු ක්‍රියාශීලී දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම්, ප්‍රේම සබඳතා ඇතිවෙයි. ආගමික වතාවත් ගරු කරයි. තම ඇසුරු කරන්නෝ දහමට යොමුකරවන ක්‍රියාවන්හි යෙදේ. හදිසි රෝග, ශල්‍යකර්ම වැනි දේවලට හේතුයි.
Date: 2025-01-22
ජය අංකය: 03
ශුභ වර්ණය: කහ
මකර අවිවේකී දිනකි. ගමන් බිමන් බහුල වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවන අතර දහමට ද ළැදිව ක්‍රියාකරයි. ආගමික පුදපූජා, දානමානාදී කර්තව්‍යයන්හි යෙදේ. සෙම් කෝප රෝග ද මතුකරයි.
Date: 2025-01-22
ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
කුම්භ නිදහස් මනසින් දවස ගතකරයි. අධ්‍යාත්මික ගුණවගාවන්හි යෙදේ. තම ඇසුරු කරන්නෝද දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදේ. මූල රෝග, බඩවැල් ආශ්රිත රෝග ද මතුකරයි.
Date: 2025-01-22
ජය අංකය: 02
ශුභ වර්ණය: තැඹිලි
මීන මහජන ප්‍රසාදයට පත්වන අතර පොදුසේවා සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. ආගමික වතාවත්, පුද පූජා, දානමානාදි ක්‍රියාවන්හි ද යෙදේ. වැයපස ද තරමක් ඉහළ යයි. සෙම් බහුල රෝග පෙණහලු රෝග මතුවේ.
Date: 2025-01-22
ජය අංකය: 09
ශුභ වර්ණය: රෝස