මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.
ඒ ඊයේ දින (20) රාත්‍රී කාලයේ අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී රථ වාහන රාජකාරීන් සිදුකල නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.
එමෙන්ම, සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය පෙබරවාරි මස 03 වැනිදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව, අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.