“ක්ලීන් ශ්‍රී ලංකා” පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට
පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹින.
ඒ අනුව මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද සිට ලබන සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කළේ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද සහ හෙට පැවැත්වෙන බවයි.
ඒ අනුව පෙරවරු 11.30 සිට පස්වරු 05.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතයි.
ලබන බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ පළ කළ නියෝග විවාදයට ගැණෙනු ඇති.
සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ, අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි.