මනුෂ CID යට පැමිණෙයි

මනුෂ CID යට පැමිණෙයි

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (21) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කෙරියාවේ රැකියා අවස්ථා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (21) දිනයේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවට හිටපු අමාත්‍යවරයාගේ නීතිඥයා ඊයේ (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කළ දැනුම්දීම අනුවය.