මන්ත්රී අර්ච්චුනා පොලීසියත් සමග පැටළෙයි
පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා අනුරාධපුර රඹෑව ප්රදේශයේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ අද (21) උදෑසන ගැටුමක් ඇතිකරගෙන තිබේ.
මන්ත්රීවරයා අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා යාපනයේ සිට කොළඹ බලා පැමිණෙන අතරතුරදී මෙම ගැටුම ඇතිකර ඇති බවයි, වාර්තා වෙන්නේ.
මන්ත්රීවරයාගේ රථය VIP විදුලිපහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් රථය නවත්වා තිබේ.
එහිදී පොලිස් නිලධාරීන් විසින් මන්ත්රීවරයාගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්රය ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී මන්ත්රීවරයා කලහාකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.