හිටපු අමාත්‍ය විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

විනාඩි 30ක දීර්ඝ කරුණු දැක්වීමකින් පසු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව ලබන මස 06 වැනි දින නැවත කැඳවීමටද නියෝග කළේය.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ලොරි රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 06කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

මෙම ලොරි රථය එම ඒකකය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 05 වන දින හපුතලේ – මුතුවානාවත්ත ප්‍රදේශයේදී සොයා ගත් අතර, ඒ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.