මල්වතු ඔය සහ යාන් ඔය ගංවතුර මට්ටමක

මල්වතු ඔය සහ යාන් ඔය ගංවතුර මට්ටමක

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ මල්වතු ඔය සහ යාන් ඔය ස්ථාන කිහිපයකින් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම දැදුරු ඔය ද ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල ධාරිතාව 92% ඉක්මවා ඇති බව ද වාර්තා වේ.