දුම්රිය ගමන් වාර 28ක් අදත් අවලංගුයි

දුම්රිය ගමන් වාර 28ක් අදත් අවලංගුයි

දුම්රිය ධාවනයට අදත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අද දින ද කාර්යාක්ෂමතා කඩඉම් විභාගයකට සහභාගි වන දුම්රිය රියදුරන් පිරිසක් ද්විත්ව සේවා මුරවල නොයෙදීම සහ නිවාඩු දැමීම හේතුවෙනි.

දුම්රිය රියදුරන් සේවා වාර වලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද දින (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 16 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8 ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 4 ක් ද අවලංගු කර තිබේ.

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර අවලංගු නොවන අතර අද පස්වරුව වන විට අවලංගු වන ගමන්වාර සංඛ්‍යාව වඩා ඉහළ යනු ඇතැයි දුම්රිය වෘත්තය සමිති පවසයි.