![ඉහල කොත්මලේ ජලාශයේ අතුරුදහන් වූ දරුවාගේ සිරුර හමුවෙයි ඉහල කොත්මලේ ජලාශයේ අතුරුදහන් වූ දරුවාගේ සිරුර හමුවෙයි](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/01/c-11.jpg?quality=100&f=auto)
ඉහල කොත්මලේ ජලාශයේ අතුරුදහන් වූ දරුවාගේ සිරුර හමුවෙයි
පවුල් ආරවුලක් හේතුවෙන් අවු 04 ක් වයසැති සිය දරුවා සමග සියදිවි හානි කර ගැනීම සදහා ඉහල කොත්මලේ ජලාශයට පැනීමේ සිද්ධියෙන් අතුරුදහන්ව සිටි සිව් හැවිරිදි දරුවාගේ සිරුර ජලාශයේ තිබී අද (17) සොයාගෙන තිබේ.
ජලාශයට පැන්න කාන්තාව ඊයේ (16) ප්‍රදේශවාසින් විසින් බේරාගෙන ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබූ අතර අතුරුදහන්ව සිටි දරුවා සොයා තලවකැලේ පොලීසිය සහ ඉහල කොත්මලේ ජලාශයේ ආරක්ෂක අංශ නිලධාරින් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.
මෙසේ ජලාශයේ තිබී සොයාගනු ලැබුවේ, දිනේෂ් හම්සින් නැමති අවු 04 වයසැති පිරිමි දරුවෙකුගේ සිරුරයි.
තලවකැලේ දෙව්සිරිපුර ප්‍රදේශයේ පදිංචි අවු 41 වයසැති කාන්තාව සිය සැමියාගෙන් වෙන් වි පුඩළුඔය ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග වාසය කර ඇති බවත්, පසුව එම අනියම් සැමියා වෙනත් විවාහයක් සිදු කර ගැනිම සම්බන්ධයෙන් සිත් තැවුලට පත් කාන්තාව ඊයේ පස්වරුවේ ඉහල කොත්මලේ ජලාශය වෙත පැමිණ තලවකැලේ දුම්රිය පාලම මතින් ජලාශයට පැන ඇත.
කාන්තාවක් දරුවෙකු සමග ඉහල කොත්මලේ ජලාශයට පනින අයුරු දුටු ප්‍රදේශවාසින් ඒ පිලිබදව තලවකැලේ පොලිසිය වෙත දැනුම් දී පසුව ජලාශයේ ගිලෙමින් සිටි මව ප්‍රථමයෙන් බේරාගෙන ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
ජලාශයේ තිබි සොයාගත් දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පැවසිය.
අනියම් සැමියා සහ ජලාශයට පැන්න කාන්තාව අතර පවුල් ආරවුලක් සම්බන්ධයෙන් තලවකැලේ සහ පුඩළුඔය පොලිසියේ පැමිණිලි කිහිපයක්ද විභාග කර ඇති බවද පැවසේ.
![](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/01/01-2-scaled.jpg?quality=100&f=auto)