උදයංග වීරතුංගට ඇප
අසල්වැසියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදාහැර තිබේ.
නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව, රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත උදයංග වීරතුංග මහතා මුදාහැර තිබේ.
මිරිහාන පොලීසිය මගින් ඔහුව පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.