බහාලුම් රථ නිෂ්කාෂණය වේගයෙන් ඉහළට
බහාලුම් රථ නිෂ්කාෂණ කටයුතු මේ වන විට වේගවත්ව සිදු වන බව බහාලුම් ප්රවාහන හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල සඳහන් කළේ වරායේ සහ රේගුවේ ඊයේ (15) වන විට සිරවී තිබූ බහාලුම් රථ 1100 අද (16) වන විට 600ක් දක්වා අඩුවී ඇති බවයි.
කෙසේ වෙතත් සී. අයි. සී. ටී අංගනයේ ආනයනික භාණ්ඩ සහිත තවත් බහාලුම් 4000ක් පමණ පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ශ්රී ලංකා රේගුවට අයත් ඔරුගොඩවත්ත බහාලුම් නිෂ්කාශන අංගනය ඉදිරිපිට පෙරදින වලට සාපේක්ෂව අද දිගු පෝලිම් දක්නට නොලැබෙන බවයි වාර්තා වන්නේ.