කළුබෝවිලත් වෙඩි තැබීමක්
කොහුවල පොලිස් වසමේ, කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට නුදුරින් පිහිටි වාහන අමතර කොටස් අලෙවිසැලක් අසලදී අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි, කොහුවල පොලීසිය පැවසුවේ.
වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 ගිනි අවියක් භාවිත කර ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කොහුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.