ඩොලරයේ අගය සීග්රයෙන් ඉහළට
මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.639ක අගයකින් සහ විකිණුම් මිල රු 0.648ක අගයකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.291.38ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු.299.93ක් ලෙසයි
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 291.50 – රු. 299.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 288.64 – රු. 300.25
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 292.00 – රු. 299.00
සෙලාන් බැංකුව – රු. 291.10 – රු. 299.10
කොමර්ෂල් බැංකුව – රු. 289.91 – රු. 299.75
අමානා බැංකුව – රු. 293.20 – රු.298.20