නීතිඥ සංගමයේ සභාපති තනතුරට නම් තුනක්

නීතිඥ සංගමයේ සභාපති තනතුරට නම් තුනක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපතිවරයා පත් කරගැනීම සඳහා වන නිලවරණයට නාමයෝජනා භාර ගැනීම අද (15) සිදු කෙරුණි.

ඒ අනුව, ඒ සඳහා තරග වැදීමට නීතිඥ රජීව් අමරසූරිය, නීතිඥ (ආචාර්ය) සුනිල් අබේරත්න සහ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ යන නීතිඥවරුන් විසින් නාමයෝජනා බාර දී තිබේ.

නීතිඥ සංගමයේ සභාපතිවරයා පත් කිරීම සඳහා වන නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනුණේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.