අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ පණිවුඩයක්
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.
මේ අනුව අන්ත දිළිඳු පවුල් සඳහා දෙන රුපියල් පහළොස් දහසේ දීමනාව රුපියල් දාහත් දහස් පන්සියය දක්වාත්, රුපියල් අටදහස් පන්සියයක දීමනාව රුපියල් දස දහසක් දක්වාත් ,රුපියල් දෙදහස් පන්සියයක දීමනාව රුපියල් පන් දහසක් දක්වාද රුපියල් පන්දහසක දීමනාව නොවෙනස්ව පවත්වා ගෙනයෑමටත් මෙසේ අනුමැතිය ලැබී ඇත.