සත්ව කොටස් අලෙවි කිරීමට ගිය සිසුවෙක් ඇතුළු 4ක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්රදේශයේදී, තවත් සැකරුවන් සිව් දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුන බුද්ධී තොරතුරකට කරුවලගස්වැව හා කුරුණෑගල වනජීවි නිළධාරීන් විසින් ඒකාබද්ධව කල මෙහෙයුමකදි මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව හා කෑගල්ල දෙනාලේගම ,කටුනායක යන පදිංචි සැකකරුවන් සිව් දෙනෙකු බව කියයි.
මෙම සැකකරුවන් අතර උසස් පෙළ හදාරණ සිසුවෙකුද සිටින බව පරික්ෂණ වලදි හෙළිව තිබුනී.
මෙහිදි මුව අං තට්ටු නවයක්,තනි මුව අං තට්ටු එකක්,ගෝන අං තට්ටු එකක් කුළු මී හරක් අං තට්ටුවක් හා අලේවි කිරිම තහනම් king conch seashell වාලම්පුරියක් මුහුදු බෙල්ලන් දෙකක් සමග සැකකරුවන්ගේ ජංගම දුරකථන 05 ක් හා හා සැකකරුවන් අදාල දෑ රැගෙන ඒමට යොදා ගත් වැගන් ආර් රථයක්,ත්රි රෝද රථයක් හා යතුරු පැදියක් ඇතුළු දෑ මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුනී.