බන්ධනාගාර රැඳවියෙකු වැසිකිළියක් තුළ දී සියදිවි නසා ගනියි
අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු ඊයේ (14) රාත්රී කාලයේ දී සිර මැදිරි පිහිටා ඇති සංකීර්ණයේ වැසිකිළියක් තුළ දී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, කැබිතිගොල්ලෑව ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.
අදාළ රැඳවියා සිය සරමේ පටියකින් ගෙල වැළලාගෙන ඇති අතර මෙය දුටු බන්ධනාගාර නිලධාරීන් රැඳවියා සරම් පටියෙන් මුදාගෙන රෝහල්ගත කිරීමට පියවර ගැනුණ ද ඔහු මියගොස් තිබේ.
කැබිතිගොල්ලෑව අධිකරණ නියෝග මත මෙම රැඳවියා ව සිරගත කර ඇත්තේ ද ඊයේ (14) දිනයේ දියි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.