මධ්‍යම අධිවේගයට වැයකළ කෝටි 234ක් වතුරේ ගිහින්
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ ව්‍යාපෘති හතර කොටස සඳහා රුපියල් කෝටි 234 ක පමණ මුදලක් වැය කිරීමෙන් පසුව ඉදිකිරීම අතහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ අතර කොළඹ රත්නපුර පැල්මඩුල්ල අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 1025කට වැඩි මුදලක්ද නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 134 කට ආසන්න මුදලක්ද 2023 වසර වන විට දේශීය අරමුදල් මඟින් වියදම් කර තිබූ නමුත් ඒවායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමෙන් තොරව පැවතුණ බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර මහනුවර බහු විධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ ගෙදර කිරීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ව්‍යාපාර අලාභ ලෙස පුද්ගලයන් අටසිය විසි පස් දෙනෙකුට රුපියල් කෝටි 72කට වැඩි මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ඉදිකිරීම් කටයුතු නිමවනතුරු මෙම වන්දි මුදල් දිගින් දිගටම ගෙවීමට සිදුවන්නේ යැයි නිරීක්ෂණය වූ බව පවසන එම කාර්යාලය වන්දි ගෙවූ පුද්ගලයන් අතුරින් දාහක් දෙනෙකුට 2023 සහ 202 2014 වසර සඳහා පිළිවෙළින් රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් නැවත ගෙවීමට සිදුව තිබූ බව වාර්තාව සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය 2021 මැයි මස 06 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද සිවිල් හා උපදේශන වැඩ සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් ව්‍යාපෘතියේ සිවිල් වැඩ ආරම්භ කර නොතිබූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය එක කොටසේ නිමකළ වැඩ සඳහා කොන්ත්‍රාත්කරුට 2023 දෙසැම්බර් 31 දින වන විට රුපියල් කෝටි 4034 කට වැඩි මුදලක් ගෙවීම් කර නොතිබූ බවත් ඒ අනුව කොන්ත්‍රාත් ගිවිසුමේ සාමාන්‍ය කොන්දේසි ගිවිසුමෙහි සාමාන්‍ය කොන්දේසි අනුව ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවදානමක් පවතින බවත් විගණන වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළව නිකුත් කළ විගණන වාර්තාවේය.