දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500ක්
දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක ආමාත්‍යාංශය පවසයි.
මීට පෙර දිනකට ගමන් බලපත්‍ර 1,200 නිකුත් කළ බවයි, අමාත්‍ය ආන්නද විජේපාල මහතා සඳහන් කළේ.
ඇතැම් පුද්ගලයින්ට ගමන් බලපත්‍ර ලබා ගැනීමට මාස 03ක පමණ කාලයක් බලා සිටීමට සිදුව ඇතිදැයි, කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ කිසියම් කෙනෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක් විවෘත කර ඇති බවයි.
එම කවුළුවට ඉදිරිපත් කරන අයැදුම්පත් කමිටුවක් මගින් සලකා බලා හැකි ඉක්මණින් ගමන් බලපත්‍ර ලබා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.