උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට

උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට

නායයාම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවූ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයද යළි සාමාන්‍ය පරිදි සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.

ප්‍රමාදයට ලක්වූ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය විමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය ධාවනය මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

පවතින කාලගුණික තත්ත්වය මත ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර සිදුවූ නායයාම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා සිදුවී තිබුණා.