තෙල් මෝලේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කර රු. ලක්ෂ 13ක් කොල්ල කාලා

තෙල් මෝලේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කර රු. ලක්ෂ 13ක් කොල්ල කාලා

මුන්දලම – බත්තුළුඔය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් තෙල් නිෂ්පාදන ආයතනයක ආරක්ෂක නිලධාරියා ඝාතනය කර මුදල් කොල්ල කා ඇතැයි මුන්දලම පොලීසිය පවසයි.

අද (11) අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර කොල්ලකරුවන්කරුවන් විසින් එම ආයතනයේ සේප්පුව බිඳ රුපියල් ලක්ෂ 13ක මුදලක් කොල්ල කා ඇති බවට අනාවරණය වී ඇති බවයි, වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත, විජයකටුපත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 36ක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.