උදයංග වීරතුංග රිමාන්ඩ්

උදයංග වීරතුංග රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා එළැඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහුව අද (10) පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි, මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මායිම් බිත්තියක ගැටලුවක් මුල්කරගෙන ඇති වූ බහින් බස්වීමක් අතරතුර අසල්වැසියෙකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය මගින් අද උදෑසන නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර එහි ප්‍රතිකාර ලබන අතර මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ නුගේගොඩ, තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි සරත් චන්ද්‍රසිරි නැමැති අවුරුදු 66ක පුද්ගලයෙක්.