රට පැන්නයි කියූ මනූෂ සිරිකොතින් මතුවෙයි

රට පැන්නයි කියූ මනූෂ සිරිකොතින් මතුවෙයි

විදේශගතව ඇතැයි කියූ හිටපු විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද පැමිණ සිටියේය.

එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළකරමින් මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේ තමන් අත්අඩංගුවට ගැනීමක් සමබන්ධයෙන් බියක් නොමැති බවයි.

මනූෂ නානායක්කාර සිය සහෝදරයා තම නම විකුණා වංචනික ක්‍රියාවල යෙදී ඇති බව පිළිගත් අතර එලෙස තම නම භාවිත කරමින් වංචාවන්හි නිරතවූ තවත් පුද්ගලයන් සිටින බවද සඳහන් කළේය.

තමා අවදානම් ගෙන විවිධ ගිවිසුම් අත්සන් කළ බව පිළිගත් හිටපු අමාත්‍යවරයා ඒ සඳහා තමන් ඇමැති බලතල භාවිත කළ බවද වැඩිදුරටත් සඳහන් කළේය.