උදයංග වීරතුංග අත්අඩංගුවට
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
මායිම් බිත්තියක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ.
ප්ලාස්ටික් බටයකින් සිදුකල එම පහරදීම හේතුවෙන් එම පුද්ගලයාගේ නාසයට බරපතළ හානි සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.
පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර එහි ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ නුගේගොඩ, තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි සරත් චන්ද්‍රසිරි නැමැති අවුරුදු 66ක අයෙක්.
අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග මහතා අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.