තරුණ වැඩමුළු වලට වෙන් කල මුදලින් අධ්යක්ෂක ජනරාල් කාන්තාවක් සමඟ රට සවාරි ගහලා
තරුණ තරුණියන් කලාපිය ජාත්යන්තර් තරුණ වැඩමුළු වලට සහභාගි කරවිම සදහා ජාතික තරුණසේවා සභාවෙන් වෙන් කළ රුපියල් මිලියන 4.89 කින් සභාවේ අධ්යක්ෂක ජනරාල්, අධ්යක්ෂක ( කාර්මික හා වෘත්තිය පුහුණු) කාන්තාවක් සමඟ විදේශිය සංචාර වලට සහභාගිවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
මෙම සවාරියට සම්බන්ධවූ කත තරුණසේවා සභාවට සම්බන්ධ නොමැති අයෙක් බවද අනාවරණය වී ඇතැයි එම වාර්තාවල දැක්වේ.
ක්රියකාරි සැලැස්ම අනුව වෙන්කරණ ලද ප්රතිපාදන එම කාර්යයන් සදහා යෙදවිමට කළමණාකරණය විසින් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
ජාතික තරුණසේවා සභාව විසින් මේ සදහා විගණනයට පිළිතුරු ලබා දි නොමැති අතර ජාතික තරුණසේවා සභාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි තිබුණි.