සාකච්ඡා සාර්ථකයි – බස් වර්ජනයක් නැහැ

සාකච්ඡා සාර්ථකයි – බස් වර්ජනයක් නැහැ

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව බස්රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් අද (08) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට සැළසුම්කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ඒ පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථකව අවසන්වීම හේතුවෙන්.

එම සාකච්ඡාවේදී මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කිරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පෞද්ගලික බස්රථ සංගම් නියෝජිතයින් එකගවී ඇත.

ඒ අනුව, සැලසුම් කර තිබූ බස් වර්ජනය අත්හිටවූ බව එම සංගම් සඳහන් කරයි.