පුද්ගල ඝාතනයකට ගිනි අවියක් රැගෙන යමින් සිටි දෙදෙනකු අල්ලයි

පුද්ගල ඝාතනයකට ගිනි අවියක් රැගෙන යමින් සිටි දෙදෙනකු අල්ලයි

පුද්ගල ඝාතනයකට ගිනි අවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩ පහක් සමග අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය පවසයි.

හංවැල්ල පොලීසියේ නිලධාරීන් ඉරිදාපොළ හන්දියේ ක්ෂණික මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීමේ යෙදී සිටියදී ත්‍රීරෝද රථයක් අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් රාත්‍රී ජංගම සංචාර නිලධාරීන් අදාළ තීරෝද රථය පසුපස හඹා ගොස් නවතා පරික්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ ජීව උන්ඩ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම කිසියම් පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවිය රැගෙන යනවාද යන්න සොයා විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා කොස්ගම වෙරළු පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ත් 49 අතර පසුවන රියදුරු රැකියාවේ නියුතු පුද්ගලයන් දෙදෙනෙකි.