ටෘඩෝ වෙනුවට පක්ෂයට නව නායකයෙකු පත්කර ගැනීමට විශේෂ රැස්වීමක්

ටෘඩෝ වෙනුවට පක්ෂයට නව නායකයෙකු පත්කර ගැනීමට විශේෂ රැස්වීමක්

දශකයකට වැඩි කාලයක් කැනඩාවට සහ කැනඩාවේ ලිබරල් පක්ෂයට නායකත්වය දුන් ජස්ටින් ටෘඩෝ පක්ෂ නායකත්වයෙන් ඊයේ (06) ඉවත් වුණා.

ඒ, අනුව ඔහු දැරූ කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද ටෘඩෝට අහිමිව ගියා.

කෙසේ වෙතත් ලිබරල් පක්ෂයට නව නායකයෙක් පත් කරගන්නා තුරු තමන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ

ඒ අනුව පක්ෂය සඳහා නව නායකයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම වෙනුවෙන් කැනඩාවේ ලිබරල් පක්ෂයේ සභාපති ‘සචිත් මෙහ්රා’ විසින් මේ සතිය තුළ පක්ෂයේ ජාතික මණ්ඩලයේ රැස්වීමක් කැඳවීමට සැලසුම් කර තිබේ.

පක්ෂයට සහ කැනඩාවට දශකයකට වැඩි කාලයක් නායකත්වයක් ලබාදුන් ජස්ටින් ටෘඩෝට අතිශයින් කෘතඥ වන බව ද ලිබරල් පක්ෂයේ සභාපතිවරයා සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍යවරයා විසින්, එරට පාර්ලිමේන්තු කටයුතු ද ලබන මාර්තු 24 වැනි දා දක්වා අත්හිටුවීමට ද ඊයේ පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

54 හැවිරිදි ජස්ටින් ටෘඩෝ මුල් වරට, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණේ 2015 වසරේදීයි.

මැතිවරණයට පෙර පසුබෑමකට ලක්ව සිටි ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාම සම්බන්ධයෙන් ටෘඩෝ ජාත්‍යන්තරයේ පවා ප්‍රශංසාවට ලක්විය.

කෙසේ නමුත් 2018 වසරේ මූල්‍ය දූෂණ විමර්ශනයකට අග්‍රාමාත්‍යවරයා අයුතු ලෙස බලපෑම් කළ බවට පැතිරී ගිය වාර්තා හේතුවෙන් ජස්ටින් ටෘඩෝ විවේචනයට ලක්විය.

ජීවන වියදම සහ නිවාස සහ කුලී නිවාස මිල ගණන් ඉහළ යාම මෙන්ම, පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ දිගුකාලීන සමීපතමයෙකු වූ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම ද ජස්ටින් ටෘඩෝගේ ජනප්‍රියත්වය පහළ යාමට හේතු විය.