කැනඩාවේ රැකියාවකට ගිය වවුනියාවේ තරුණයෙකු මෝටර් රථයක සිරවී මරුට

කැනඩාවේ රැකියාවකට ගිය වවුනියාවේ තරුණයෙකු මෝටර් රථයක සිරවී මරුට

කැනඩාවේ රැකියාවක් සඳහා ගොස් සිටි වවුනියාවේ තරුණයෙකු මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර කැනේඩියානු පොලීසිය විසින් පෙරේදා (04) සොයා ගෙන තිබේ.

වවුනියාවේ සෙට්ටිකුලම වීරපුරම් ප්‍රදේශයේ පදිංචි ජේකොබ් නෙවිල් ඩිලක්ෂන් නැමති 21 හැවිරිදි මෙම තරුණයා ගමන් කළ මෝටර් රථයේ දොරවල් විවෘත නොවීම නිසා ඔහු ඒ තුළ සිර වී මියගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

තරුණයා මියගොස් සිටි මෝටර් රථය පරීක්ෂාවට ලක් කළ පොලීසියද එම නිගමනයේ සිටින අතර මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

තරුණයා මියගිය කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ වීදිවල සී.සී ටීවී කැමරා පද්ධති කීපයක්ම පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කොට තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ, මාර්ගයේ අයිනක මෝටර් රථය නවත්වා තරුණයා පැයකට අධික කලයක් රථය තුළ සිට ඇති බවයි.

කෙසේ වෙතත් කැනඩාවේ ටොරෙන්ටෝ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.