ඇළකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට
වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ දින (04) මඩකලපුව වැල්ලාවේලි පොලිස් වසමේ දී මෙම අනතුර සිදුව තිබේ.
දරුවා ඇළ අසල නිවසේ සිට ඇවිද යමින් සිට ඇති අතර එහිදී එක්වරම ජලයට වැටී තිබේ.
එහිදී ඇළට වැටුණු දරුවා කඩිනමින් පළුකාමම් ප්රාදේශීය රෝහල වෙත ගෙන ගියද රෝහලට ඇතුළත් කිරීමට පෙර දරුවා මියගොස් තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දරුවාගේ සිරුර කළුවන්චිකුඩි මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් වෙල්ලාවේලි පොලිසිය පරීක්ෂණ පවත්වයි.