ළමුන් අතර දුම්කොළ නිෂ්පාදන භාවිතය ඉහළට

ළමුන් අතර දුම්කොළ නිෂ්පාදන භාවිතය ඉහළට

වර්තමානයේ ළමා මානසික වෛද්‍ය සායන සදහා පැමිණෙන ළමයින් අතරින් බොහෝ දෙනෙකු අධික ලෙස විවිධ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් දැඩි අවදානයකින් පසුවිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබෙනවා.

ළමා හිංසනයට එරෙහි වීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් දරුවන් වෙනුවෙන් ගොඩනැගීම මෙහි අරමුණයි.