චීනයේ පැතිරෙන වෛරසය ගැන චීන රජයෙන් කළ අලුත්ම දැනුම්දීම
චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බව චීන බලධාරීන් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත සමයේ දී මෙවැනි වෛරස පැතිරයාම සාමාන්‍ය කරුණක් බවත්, මෙවර ශීත සමයේ දී එහි යම් අවම වීමක් දක්නට ඇති බවත්ය.
එමෙන්ම චීනයට සංචාරය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බවත් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍ය පිළිබඳව තමන් සහතික වන බවත් චීනය වැඩිදුරටත් පවසයි.