වැලිගම – කප්පරතොට දී පස්දෙනෙකුට වෙඩි – අයෙක් මරුට
වැලිගම – කප්පරතොට, වල්ලිවෙල මාර්ගයේ අද අලුයම පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.
මෙම පුද්ගලයින් පස්දෙනාගෙන් දෙදෙනකුට පමණක් වෙඩි වැදී ඇති බවත්, ඉන් එක් අයෙකු මරුමුවට පත් ව ඇති බවත් වැලිගම පොලිසිය පවසනවා.
තුවාල ලැබූ පුද්ගලයා වැලිගම – වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තත්ත්වය බරපතළ බැවින් පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, යතුරුපැදි 03කින් පැමිණි නාඳුනන පිරිසක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවයි.
අනෙක් පුද්ගලයින් තිදෙනාවට වෙඩි වැදී නොමැති අතර පලා ගිය සැකකරුවන් සොයා විමර්ශන ක්රියාත්මයි.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්රදේශයේ පදිංචි ව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, තුවාල ලැබූ පුද්ගලයා ද එම ප්රදේශයේ ම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිස් විමර්ශන වලදී තහවුරු වී තිබෙනවා
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.